ඔබත් කියවන්න එකතුවන්න

Tuesday, January 25, 2011

යුද අධිකරණය පිළිගත් අධිකරණයක් බව තීන්දුවෙයි

යුද අධිකරණය පිළිගත් අධිකරණයක් බව තීන්දුවෙයියුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යට‍තේ පිළිගත් අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි. 

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අ‍හෝසි කිරීමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් යුද අධිකරණය පිළිබඳ අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විසින් එක් නඩු තීන්දුවක් ද සලීම් මර්ෂුක් විනිසුරුවරයා විසින් තවත් තීන්දුවක් ද අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි. 

යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතට ගැනෙන පිළිගත් අධිකරණයක් බව අදාළ තීන්දු දෙකේම සඳහන් කර තිබුණි. 

යුද අධිකරණයට මරණ දඩුවම සහ සිරදඩුවම් පැනවීමට බලය පවතින බව පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි දඩුවමක් පැනවිය හැක්කේ පිළිගත් අධිකරණයකට පමණක් බව ද සඳහන් කරයි. 

Tuesday, January 11, 2011

නැණසලට ලෝක බැංකුවේ ප්‍රසාදය

නැණසලට ලෝක බැංකුවේ ප්‍රසාදය
මෙරට ජන ජීවිත සවිමත් කිරිම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගෙන තිබෙන ආකාරය පිළිබඳව ලෝක බැංකුවේ සිය ප්‍රසාදය පළ වේ. 

විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් වන"ඉ ශ්‍රී ලංකා වැඩසටහන"යටතේ ඒ සදහා විශාල වැඩකොටසක් සිදු කර තිබෙන බව ලෝක බැංකුව වැඩිදුරටත් සදහන් කරයි. 

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය එන්ගෝසි ඔකෙන්ජෝ ඉමේලා මහත්මිය නැඟෙනහිර පළාතේ ස්ථාපිත කර තිබෙන"නැණසල මධ්‍යස්ථාන"වල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව සදහන් කර තිබේ. 

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ මෙහෙය වීම මත දිවයින පුරා පිහිටුවා තිබෙන"නැණසල මධ්‍යස්ථාන හයසිය එක මගින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාබ ජනතාවට සමීප කරලීම සදහා මනා කාර්යය භාරයක් සිදු කරමින් සිටින බවත් මාසයකට ලක්‍ෂයක පමණ ජනතාවක් එම මධ්‍යස්ථාන වෙත යොමු වීමෙන් මේ බව වඩාත් පසක් වන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ. 

පරිගණක සාක්ෂරතාවය ද ක්‍රමානුකුල ලෙස වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බවත් ඒ ඔස්සේ මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කර ගැනීමට විශාල පිටු බලයක් ලැබෙන බවත් ඉමේලා මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. 

ලෝක බැංකුව මෙරටට ලබා දෙන පහසුකම් ඉදිරියේදීත් අඛණ්ඩව ලබා දීමට එකඟතාවයද ඇය මෙහිදී පළ කර තිබේ. ADA DERANA