ඔබත් කියවන්න එකතුවන්න

Saturday, September 10, 2011

ජීමේල් වෙතින් SMS චැට් පහසුකම



දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙයට ක්‍රියාත්මක කල හැක්කේ ඩයලොග් හා මොබිටෙල් දුරකථන තුල පමණි.

ජීමේල් තුලින් එස්.එම්.එස් චැට් සිදුකරනා ආකාරය පහතින්.

ජීමේල් ගිණුමේ වම්පස ඇති මෙනුවේ Send SMS යන කොටුව තුලට පණිවුඩය යැවිය යුතු ජංගම දුරකථන අංකය යොදන්න 





ඉන්පසු එම දුරකථන අංකයට නමක් යොදා සේව් කරගන්න



දැන් ඔබට සුපුරුදු පරිදි ඔබ යෙදු ජංගම දුරකථන අංකයද සහිතව චැට් බොක්ස් එකක් ලැබෙන අතර එහි ටයිප් කරන දෑ අදාළ දුරකථන අංකයට එස්.එම්.එස් පණිවිඩයක් ආකාරයෙන් ලැබේ.



යවනු ලබන පණිවිඩයට ජංගම දුරකථනය මගින්ම රිප්ලයි කල හැකි අතර එය ජීමේල් චැට් බොක්ස් එක තුල පණිවුඩය යවන්නාට දර්ශනය වේ. 

  • ඔබට නොමිලේ ලැබෙන එස්.එම්.එස් සලාකය එස්.එම්.එස් 50 ක් වේ. 
  • ඔබ පණිවිඩය යවන ජංගම දුරකථන ඔබට පිළිතුරු සැපයුවහොත් එම එක් පිළිතුරක් පාසා තවත් එස්.එම්.එස් 5 ක් නොමිලේ යැවීමට ඔබට හැකියාව ලැබෙනවා.(උපරිමය 50 දක්වා) 
  • ඔබට නොමිලේ ලැබෙන පණිවුඩ ප්‍රමාණය 0 වුවහොත් පැය 24 ක් තුල නැවත නොමිලේ එස්.එම්.එස් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
    එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න



Friday, July 8, 2011

7 ශ්‍රේණියේ සිසුන්ට ප්‍රවීණතා විභාගයක්

සියලු පාසල්වල 7 ශ්‍රේණියේ දරුවන් සඳහා ප්‍රවීණතා විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

එය ශිෂ්‍යාධාර ලබාදීමේ විභාගයක් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දෙරණට ප්‍රකාශ කළේය. 

ඉන් සමත්වන දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත. 

කෙසේවුවද ජනප්‍රිය පාසල් ලබාදීම සඳහා වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනසකින් ‍තොරව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ අතර සිසුන් දස දහසකගේ පමණ සහභාගීත්වයෙන් ඇසල මහා සිසු පෙරහැරක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

Thursday, May 26, 2011

රජයේ සේවකයන්ට වසය අවුරුදු 75 වන තුරුම අග්‍රහාර රකෂණ දීමනා

A photo on Flickr
රජයේ සේවකයන් වයස අවුරුදු 60 න්විශ්රාම ගියද වසය අවුරුදු 75   වන තුරුම අග්‍රහාර රකෂණ දීමනා ගෙවීමට තීරණය කර ඇතැයි සේවක රක්ෂණ භාර අරමුදලේ සහාපති රවී ගුණසේකර මහතා පවසයි.

වර්ථමානයේ  රජයේ සේවකයන් වයස අවුරුදු 60 න් විශ්රාම  ගිය පසු අග්‍රහාර රකෂණ දීමනා සදහා හිමිකම් පැමට හැකියාවක් නොමැත.