ඔබත් කියවන්න එකතුවන්න

Saturday, October 30, 2010

ඉ- විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය ඇරඹෙයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව විශ්‍රාම වැටුප් සකස් කිරීමේ සිට විශ්‍රාම වැටුප් ගෙවීම දක්වා සමස්ත ක්‍රියාදාමයම පුර්ණ වෙනසකට ලක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සදහන් කරයි. 

�මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ� සදහන් තවත් එක් ප්‍රතිඥාවක් ඉටු කරමින් විශ්‍රාමිකයින්ට ගෞරවනීය තත්වයක් හිමිකර දීමටත් ජේෂ්ඨ පුරවැසියන්ට රජයේ වගකීම ඉටු කිරීමත් �ඉ- විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය� මගින් යතාර්ථයක් කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි. 

බස්නාහිර පළාත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන සහ කොළඹ මොරටුව සහ සීතාවකපුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් මෙය ක්‍රියාවට නැංවේ. 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමගම විශ්‍රාම වැටුප් සකස් කිරීමේ සිට ගෙවීම දක්වා මේවන විට භාවිත කෙරෙන ලිපි ලේඛන රැසකින් සමන්විත විශ්‍රාම වැටුප් ලිපි ගොනුව ඉතා සීමිත ලිපි ලේඛන කිහිපයකට සීමා වන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ.ඒ තිලකරත්න මහතා ප්‍රකාශ කරයි. යම් රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම ලබන දිනයේදීම විශ්‍රාම වැටුප් පාරිතෝෂිතය ඔහු අතට පත් කිරීමත් හැට විය සම්පුර්ණ වන පළමු මාසයේදීම විශ්‍රාම වැටුප ලබා දීමටත් ඉ- විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියත් සමග මේ අනුව හැකියාව ලැබේ.

විශ්‍රාම වැටුප්ලාභියෙකු වෙත නිකුත් කෙරෙන විශ්‍රාම වැටුප් අංකය ඇතුළු තවත් එවැනි තොරතුරු කිහිපයක් ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් විශ්‍රාම වැටුප්ලාභියාට දැන ගැනීමට සැලැස්වීම මෙහි තවත් පහසුකමකි. 

අන්තර්ජාලය ඔස්සේ www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිසී තම විශ්‍රාම වැටුප් අංකය ඇතුලත් කිරීමෙන් විශ්‍රාම වැටුප්ලාභියෙකුට 2008 වසරේ සිට මේ දක්වා සිය විශ්‍රාම වැටුප් පිලිබද තොරතුරු දැන ගැනීමේ පහසුකම් මේ වන විටත් ලැබී තිබේ. මෙරට මාසිකව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන පිරිස ලක්ෂ පහකට ආසන්න වන අතර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව දශ ලක්‍ෂයකට ආසන්නය. මෙම ව්‍යපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම රාජ්‍යපරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 27 දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදි සිදු කෙරේ.

No comments:

Post a Comment