
ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් යුද අධිකරණය පිළිබඳ අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විසින් එක් නඩු තීන්දුවක් ද සලීම් මර්ෂුක් විනිසුරුවරයා විසින් තවත් තීන්දුවක් ද අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.
යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතට ගැනෙන පිළිගත් අධිකරණයක් බව අදාළ තීන්දු දෙකේම සඳහන් කර තිබුණි.
යුද අධිකරණයට මරණ දඩුවම සහ සිරදඩුවම් පැනවීමට බලය පවතින බව පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි දඩුවමක් පැනවිය හැක්කේ පිළිගත් අධිකරණයකට පමණක් බව ද සඳහන් කරයි.
No comments:
Post a Comment