ඔබත් කියවන්න එකතුවන්න

Tuesday, January 11, 2011

නැණසලට ලෝක බැංකුවේ ප්‍රසාදය

නැණසලට ලෝක බැංකුවේ ප්‍රසාදය
මෙරට ජන ජීවිත සවිමත් කිරිම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගෙන තිබෙන ආකාරය පිළිබඳව ලෝක බැංකුවේ සිය ප්‍රසාදය පළ වේ. 

විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් වන"ඉ ශ්‍රී ලංකා වැඩසටහන"යටතේ ඒ සදහා විශාල වැඩකොටසක් සිදු කර තිබෙන බව ලෝක බැංකුව වැඩිදුරටත් සදහන් කරයි. 

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය එන්ගෝසි ඔකෙන්ජෝ ඉමේලා මහත්මිය නැඟෙනහිර පළාතේ ස්ථාපිත කර තිබෙන"නැණසල මධ්‍යස්ථාන"වල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව සදහන් කර තිබේ. 

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ මෙහෙය වීම මත දිවයින පුරා පිහිටුවා තිබෙන"නැණසල මධ්‍යස්ථාන හයසිය එක මගින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාබ ජනතාවට සමීප කරලීම සදහා මනා කාර්යය භාරයක් සිදු කරමින් සිටින බවත් මාසයකට ලක්‍ෂයක පමණ ජනතාවක් එම මධ්‍යස්ථාන වෙත යොමු වීමෙන් මේ බව වඩාත් පසක් වන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ. 

පරිගණක සාක්ෂරතාවය ද ක්‍රමානුකුල ලෙස වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බවත් ඒ ඔස්සේ මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කර ගැනීමට විශාල පිටු බලයක් ලැබෙන බවත් ඉමේලා මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. 

ලෝක බැංකුව මෙරටට ලබා දෙන පහසුකම් ඉදිරියේදීත් අඛණ්ඩව ලබා දීමට එකඟතාවයද ඇය මෙහිදී පළ කර තිබේ. ADA DERANA

No comments:

Post a Comment