
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති උපදේශන කමිටු වාර්තාවට තම පක්ෂයේ ප්‍රසාදය හිමිවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා බී.බී.සී. දෙමළ සේවය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.
ජගත් මහලේකම් බැන්කි මූන් මහතා විසින් පත්කළ උපදේශන කමිටු වාර්තාවේ අන්තර්ගතය නිවැරදි බව ඔහු සඳහන් කරයි.
යුද සමයේ දී තමන් වරින් වර පාර්ලිමේන්තුවේ දී මෙම වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු හෙළි කළ බව ද සම්බන්ධන් මහතා පෙන්වාදෙයි.
උපදේශන කමිටුව විසින් තමන් හෙළි කළ කරුණු සලකා බලා ඒවා සනාථ කර ඇති බැවින් මෙම වාර්තාවට තම පක්ෂයේ ප්‍රසාදය හිමිවන බව ඔහු පවසයි.
වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.