ඔබත් කියවන්න එකතුවන්න

Thursday, May 26, 2011

විදුහල්පති වරුන්ටත් නායකත්ව පුහුණුවට.

Sri Lankan Students
රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ට තුන් මාසයක නායකත්ව පුහුණුවක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය අගය කරන නමුත් ඊට පෙර කළ යුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය පවසයි. 


විදුහල්පති පත්වීම් ලබා තවමත් පාසල් නොමැතිව සිටින සියලුම ‍විදුහල්පතිවරුන් සුදුසු පරිදි ස්ථානගත කිරීම රජයේ වගකීමක් බව එහි සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 



විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම තුළින් පාසල් යන දරුවන් මෙන්ම ගුරුවරුන්ට ද නායකත්ව පුහුණුවක් ක්‍රමිකව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. 



එය සිදුකළ යුතු කාර්යයක් වුවත් දේශපාලන උවමනාවන් මත සිදුවන විදුහල්පති ස්ථාන මාරුවීම් වහා නවත්වා විදුහල්පති සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. 

No comments:

Post a Comment