
ගුරු උපදේශකයින් බඳවා ගැනීමේ දී සහ ඔවුන් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේ දී කිසියම් ප්‍රඥප්තියක් අනුගමනය කළ යුතු බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය කියා සිටියි.
දිවයිනේ අධ්‍යාපන කලාප 300 ක් පමණ ඇති අතර එක් අධ්‍යාපන කලාපයක ගුරු උපදේශකයින් 25 දෙනෙකු පමණ සේවය කරයි.
උපගුරුවරයන් ගුරු උපදේශකයන් ලෙස බඳවා ගත්ත ද ඔවුන් වෙනත් අධ්‍යාපන කලාපයකට ස්ථාන මාරුවක් ලැබූ විට සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස සේවය කළ යුතු බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානයේ සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එවැනි ගුරුවරුන්ට ලැබෙන්නේ උපගුරුවරයෙකුට හිමි වැටුප පමණක් වීම ද ගැටලු සහගත බව ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා ගුරු උපදේශකවරුන් වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
No comments:
Post a Comment